Spread the love

බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකයක් ලබා නොගත් පුද්ගලයන් සඳහා දඩ මුදලක් අය කිරීමට නීතිය ක්‍රියාත්මක කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පෙබරවාරි පළවෙනිදා සිට උපරිමය රුපියල් පනස් දහසක් දක්වා දඩ මුදලක් අය නොකරන බවත් බදු අංකය ලබා ගැනීමට හුරු වීමට ජනතාවට යම් සහන කාලයක් ලබාදෙන බවත් ඔවුන් කියා සිටී.

ඉන් අනතුරුව ඊට අනුගත නොවන්නන් සඳහා මෙම නීතිය ක්‍රියාත්මක කරන බවද දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

බදු අංකය ලබාගන්නා ආකාරය පිළිබඳව ජනතාව හුරු කිරීමක් හා දැනුවත් කිරීමක් මේ දිනවල ආරම්භ කර ඇති බවත් බදු පැහැර හරින්නන්ට අවසන් ආයුධ ලෙස දඩ නියම කරන බවත් දෙපාර්තමේන්තුව තවදුරටත් කියා සිටී.