Spread the love

2024 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරග අතරින් ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය නෙදර්ලන්තය සමඟ මේ වන විට පැවැත්වෙයි.

ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 181 ක් ලබා ගත්හ.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 182 ක්.

අද දිනයේ වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ පන්දු යැවීම සිදු නොකළ බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.