Spread the love

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 33 වැනි තරගය ඊයේ (20) Sunrisers Hyderabad කණ්ඩායම හා Delhi Capitals කණ්ඩායම අතර Delhi හීදි පැවැති අතර ලකුණු ලකුණු 67 කින් ජය ගැනීමට Sunrisers Hyderabad කණ්ඩායම සමත් වුහ.

තරගයේ කාසියේ වාසිය දිනාගත් Delhi Capitals කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Sunrisers Hyderabad කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් වේගවත් ආරම්භයක් ලබා ගනිමින් පළමු වන්දුවාර 6 තුළ ලකුණු 133 ක් ලබා ගැනීම විශේෂත්වයක්.

Sunrisers Hyderabad කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 266 ක් ලබා ගැනීමට සමත් වූ අතර විශ්ෂ ලෙස පන්දුවට පහරදුන් Travis Head ලකුණු 89 ක් රැස් කර ගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Delhi Capitals කණ්ඩායමට පන්දුවාර 19 ක් තුළ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 199 ක් පමණක් වන අතර එහිදී Jake Fraser-McGurk ලකුණු 65 ක් ලබා ගැනීමට සමත්වුහ‍