Spread the love

ඇපල්, ගූගල්, ෆේස්බුක්, ඇමසන් වැනි ප්‍රබල සමාජ මාධ්‍ය මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ වූ පනත් කෙටුම්පතට එරෙහිව විරුද්ධත්වය පළ කර ඇති බව විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස සඳහන් කර තිබෙනවා…

ඒ අනුව මෙම පනත් කෙටුම්පතක් ගෙන ඒම තුළින් රටට බරපතළ තත්ත්වයකට මුහුණදීමට සිදුවන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ…

එමෙන්ම විපක්ෂ නායකවරයා පවසා සිටින්නේ මෙම සමාජ මාධ්‍ය රටට අහිමි වීම හරහා විදේශ ආයෝජනය ප්‍රවර්ධනය කිරීම තවදුරටත් පහළ යන බවයි…

අදාළ කරුණු සලකා බලා ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය ගැන පනත් කෙටුම්පත වහාම ඉල්ලා අස්කර ගත යුතු බවයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ…