Spread the love

නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන හා අවසන් ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අද (28) නිමාවන විට දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි නවසීලන්ත කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 199ක් ලබා ගනී.

තරගයේ පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 602ක් රැස්කළ අතර නවසීලන්ත පළමු ඉනිම ලකුණු 88කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.

ඒ අනුව නවසීලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 315ක් පිටුපසින් පසුවෙයි.