Spread the love

සමගි ජන බලවේගයට එක්වන ලෙස තමන්ට එම පක්‍ෂයෙන් විශාල කරදරයක් ඇති බව පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න මහතා සඳහන් කරයි.

තමන්ට ආසන සංවිධායක ධුරයක් දෙන බවට ඔවුන් කිහිප විටක් සඳහන් කර ඇති බවත් තමන් කැමති ආසනයක් ලබා දෙන බවත් පවසා ඇතැයි ද ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් ඉදිරි දේශපාලනයෙන් නව ගමනක් ආරම්භ කිරීමට තමන් සූදානම් බවත් ඒ සඳහා තමන කටයුතු කරමින් ඇති බවද ඔහු පැවසීය.

ජන හමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය.

ප්‍රියංකර ජයරත්න මහතා මේ වන විට නිමල් ලංසා, අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු මහත්වරුන් සමඟ පිහිටුවා ඇති නව සන්ධානය හා එක්ව කටයුතු කරයි.