Spread the love

සමගි ජන බලවේගය ඉදිරි මැතිවරණයකින් බලයට පැමිණියහොත් පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශව සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග ගැන ලිඛිතව තමන් දැනුවත් කර ඇති බව මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරු තුමන් කියා සිටිති.

ජාතික ජනබල වේගය විසින් මේ පිළිබඳව ලිඛිතව කිසිවක් මෙතෙක් තමන් වෙත ලබා නොදුන්න නමුත් වාචිකව යමක් ප්‍රකාශ කර ඇති බවද පැවසූ එතුමන් එය ලිඛිතව ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද කියා සිටියහ.

ඉදිරියේදී තමන්ගෙන් වේලාවක් වෙන්න ලබාගෙන හමුවීමට වේලාවක් ජාතික ජන බලවේගය ලබාගෙන ඇති බවත් එය ප්‍රයෝජනවත් ලෙස භාවිතා කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් එතුමන් පැවසූහ.

කොළඹ අගරදගුරු මැදුරේ පැවති මාධ්‍ය හමුවකදී කාදිනල්තුමන් මේ බව කියා සිටියහ