Spread the love

ඉදිරි මැතිවරණ වලදී ජයග්‍රහණය කිරීම සඳහා සමගි ජන බලවේගය නායකයා සහ පක්ෂය විසින් සිදු කළ යුතු මූලික වෙනස්කම් ඉක්මනින් සිදු කරන්නැයි ඉල්ලමින් එම පක්ෂයේ මන්ත‍්‍රීවරුන් 18 දෙනකු විශේෂ ලිපියක් විපක්ෂ භාරදී ඇති බව වාර්තා වෙයි.

එම ලිපිය භාරදීමට පෙර පක්ෂ මහලේකම් රන්ජිත් මද්දුම මහතා සමග ද මෙම පිරිස විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.

ජාතික ප්‍රශ්න සම්බන්ධයෙන් තීන්දු ගැනීමට පෙර ඊට අදාලව පක්ෂ නායකයා ඇතුළු ජේෂ්ඨයන්ට උපදෙස් ලබා ගැනීමට විශේෂ කමිටුවක් පත් කළ යුතු බව ද එමගින් යෝජනා කර තිබේ.

ජනතා ප්‍රශ්න පිළිබඳව පක්ෂව අදහස් පළ කරන ආකාරය වෙනස් විය යුතු බවත් ලිපියේ සඳහන්ය.

අදාළ ලිපිය මේ වන විට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට භාරදීමට මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත ලබා දී ඇත.