Spread the love

සමගි ජන බලවේග පක්ෂයේ දම්මින්න කොට්ඨාසයේ සංවිධායකවරයා අරගන්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ජනාධිපතිවරණයේදී තම පක්ෂයට ඡන්දය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට කරන ලද තර්ජනයක් හේතුවෙනි.

අත්අඩංගුවට ගත් සංවිධායකවරයා පොලිස් ඇප මත මුදාහැර තිබුණත් ඔහුට විරුද්ධව නඩු පැවරීමටද පොලිසිය කටයුතු කරමින් සිටී.