Spread the love

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එම පක්ෂය තීරණය කර තිබේ.

එමෙන්ම එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ඒ එච් එම් ෆවුසි මහතාට හා අරවින්ද කුමාර් මහතාට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට ද පක්‍ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් තීරණය කර ඇත.

පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ පක්ෂයේ තීන්දු හා ප්‍රතිපත්තිවලට එරෙහිව පාර්ලිමේන්තු තුල හා ඉන් පිටත ක්‍රියා කිරීම හේතුවෙන් මන්ත්‍රීවරුන් තිදෙනාට එරෙහිව මෙලෙස දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.