Spread the love

සමගි ජන බලවේගය ප්‍රමුඛ සන්ධානයක් බිහිකර මැතිවරණයට තරග කිරීමට නියෝජ්‍ය නායකත්වය ලබා දෙන්නැයි නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහපෙරුම මහතා ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ එම ධුරය ලබා දෙන ලෙසද ඉල්ලීම කර ඇත.

නමුත් එම යෝජනාවට සමගි ජන බලවේග බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධය පළ කර තිබේ.

ඔවුන් යෝජනා කර ඇත්තේ නව සන්ධානයේ නියෝජ්‍ය නායකත්වය පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වන රංජිත් මද්දුම්බණ්ඩාර හෝ ලක්ෂ්මන් කිරිල්ල වැනි ජේෂ්ඨයෙකුට හිමි විය යුතු බවය.

නව සන්ධානය සැකසීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී මෙම ඉල්ලීම ඉදිරිපත් වී තිබේ.