Spread the love

දිවයින පුරා සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දින 02 ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, ඉල්ලීම් 04 ක් මුල් කර ගනිමින්.

ඒ අනුව ඔවුන් අද සහ හෙට එම වැඩවර්ජනයේ නිරත වන බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ.

පසුගිය 23 වනදා සිදුකළ සංකේත වැඩවර්ජනයේදී සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සිය ඉල්ලීම් සඳහා විසඳුම් ලබා නොදීම හේතුවෙන් යළිත් වරක් එම සංකේත වැඩවර්ජනයේ නිරත වන බවයි ඔවුන් පැවසුවේ.