Spread the love

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තු සේවකයින් විසින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

සේවක අතිකාල දීමනා ගෙවීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් මුල්කරගනිමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇත.

මුද්‍රණ කාර්ය සහයක සංගමයේ සභාපති අමිල චතුරංග සඳහන් කළේ,

“රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සේවකයින්ට මාස 04ක් තිස්සේ  වැටුප් කප්පාදු සිදුවී තිබෙනවා. එය කිහිපවිටෙක සාකච්ඡා මාර්ගයෙන් විසඳගන්න කටයුතු කළත් නොහැකි වුණා. එම නිසා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ සියලුම වෘත්තීය සමිති අද උදෑසන සිට වැඩ වර්ජනයක නිරතවෙනවා. මෙම ගැටලුව විසඳන තෙක් ඔවුන්ගේ වැඩවර්ජනය ක්‍රියාත්මකයි.”