Spread the love

මාධ්‍ය නිදහස මර්දනය කරන හා ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ කතිකාවට තර්ජනයක් වන Online Safety පනත වහා අහෝසි කිරීමට කටයුතු කරන ලෙස වෘත්තීය සමිති එකමුතුව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි.

මෙම නීතිය මගින් වෘත්තීය අයිතිවාසිකම් ඇතුලු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සමිති ව්‍යාපාරයන්ට, මාධ්‍යවේදීන්ට, ප්‍රහසනකරුවන්ට, කාටුන් ශිල්පීන්ට, ඩිජිටල් අන්තර්ගතයන් නිෂ්පාදනය කරන නිර්මාණකරුවන්ට සහ විසම්මුතික අදහස් ප්‍රකාශ කරන සියලුම පුරවැසියන්ට බරපතල තර්ජනයක් ඇතිවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

පසුගිය මාසයේ දී පාර්ලිමේන්තුව විසින් සම්මත කරගත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත (Online Safety Act) පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මර්දනයට ලක් කරන්නක් බව සඳහන් .

නිදහස මර්දනයට පාලමක් සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ ප්‍රජාතන්ත්‍රීය කතිකාවට තර්ජනයක් වන ශ්‍රී ලංකාවේ නීතියක් බවට පත්කර ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත (Online Safety Act)  පනත වහා අහෝසි කිරීමට කටයුතු කරන ලෙසයි ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ.