Spread the love

කරගන්න අරිනවා. අවසාන වශයෙන් සියලු දෙනාම බෙල්ල මිරිකන්න හදන්නේ තමන්ගෙන් බඩු ගන්න එන පාරිභෝගිකයාගෙ. මේ සහගහන බදු හැමෝටම ගහලා තියෙන නිසා හැමෝම තමන්ගේ එන පීඩනය කාගේ හරි පිටින් දාලා ගැලවෙන්න තමයි බලන්නේ. ඉතින් අවසානයේ වෙළඳපොළේදි මේක යන්නේ අහිංසක පාරිභෝගිකයාගෙන්.

ඩීසල් අඩු කරන්න පුළුවන්. අපේ පක්ෂයේ නායක පාඨලී චම්පික රණවක මැතිතුමා කියලා තියෙනවා, ඩීසල් රුපියල් 230 ට දෙන්න පුළුවන් කියලා. ආණ්ඩුව එළවලු මිල වැඩිවීම සම්බන්ධයෙන් අපිට කාලගුණ වාර්තාවක් ඉදිරිපත් කරනවා. මේ කාලේ වැස්ස වැස්සට එළවළු එන්නේ නෑ. ඒ හින්දා එළවළු මිල ගිහිල්ලා තියෙනවා. පායනකොට හරියයි කියලා ලබන මාසේ පෑව්වොත් මේ කාලේ පායනවා එතකොට එළවළු හැදෙන්නේ නෑ. ඒ හින්දා මේ එළවළු මිල වැඩි වෙනවා කිය කිය අපටත් කාලගුණ වාර්තා ඉදිරිපත් කරනවා. කාලගුණ වාර්තා වැඩක් නෑ. මේ ආර්ථිකය යථාවත් කරගන්න මේ ආර්ථිකයේ බර බාරගත්ත ඇමතිවරු, ඒ බලධාරීන් මේ මිනිස්සුන්ගේ බෙල්ල හිර කරන් නැතුව මේ වෙළඳපොළ නියාමනය කරගෙන මේ වැඩේට බහින්න, ජාවාරම්කරුවන්ගේ කොටසක් බවට පත්වෙන්නේ නැතුව කියන එක යෝජනා කරනවා. එහෙම කළොත් මේ මිනිස්සුන්ගේ තියෙන අසහනය තරමක් දුරට හෝ අඩු කරන්න පුළුවන්.

ප්‍රශ්නය
ඔබ එක්සත් ජනරජ පෙරමුණේ කුරුණෑගල් දිස්ත්‍රික් කාන්තා සම්බන්ධිකාරක ව්දියට වැඩ කරන නිසා කාන්තාවෝ එක්ක වැඩ කරද්දී පවතින එළවළු මිල ගැන ඒගොල්ලෝ දක්වන්නේ මොන වගේ ප්‍රතිචාරයක්ද.?

පිළිතුර
( භාග්‍යා වීරකෝන් )
මමත් කඩේට ගිහිල්ලා එළවළු අරගෙන ගෙදර ඇවිල්ලා උයාගෙන කන කෙනෙක් විදිහට මටත් කියන්න තියෙන්නේ අද වෙද්දි මීට කලින් වේල් තුනක් කාපු ගෙදරක දැන් කන්නේ එක වේලයි. එක්කෝ ළමයි දෙන්නට, තුන්දෙනාට හරි ගෙදර ඉන්න ළමයි ටිකට කන්න දීලා, අම්මයි, තාත්තයි, තමන් කන කෑම වේල අඩු කරලා තියෙනවා.

මේ වෙද්දි ලංකාවේ උපත් අනුපාතය අඩු වෙලා තියෙනවා කියලා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියලා තියෙනවා කියලා ප්‍රවෘත්තියක් පලවෙලා තියෙනවා මම දැක්කා. ඒකට හේතුව තමයි විවාහක යුවලවල් විවාහ වෙද්දී හිතනවා මේ වගේ ආර්ථික තත්වයක් තුළ අපි කොහොමද දරුවෙක් බිහි කරලා මේ දරුවව බලාගන්නෙ මේ දරුවට කන්න බොන්න දෙන්නේ කියලා.

අද ළමා මන්දපෝෂණය වැඩිවෙලා තියෙනවා. ළමා විතරක් නෙමෙයි මේ වැඩිහිටි අපිටත් කෑම බීම සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් තියෙනවා. ගුණදායක කෑම ලැබුණේ නැති වුණාම මිනිස්සු ලෙඩ වෙනවා.

මේ රටේ මැති ඇමතිවරුන්ට කන්න බොන්න දේවල් තිබුනට ගමට ගිහිල්ලා බලන්න ගම්වල මිනිස්සුන්ට කන්න නැහැ. හැබැයි අපිට නම් පේන්නේ නැහැ මේ සම්බන්ධයෙන් කවුරුත් කතා කරනවා කියලා. ඒක තමයි කණගාටුවට තියෙන කාරණාව.