Spread the love

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (14) පැවැත්වීමට නියමිතය.

එහි පළමු තරගය පස්වරු 3.00ට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර පැවැත්වෙයි.

දෙවන තරගය කලම්බු ස්ටාර්ස්  සහ දඹුල්ල අවුරා යන කණ්ඩායම් අතර පැවැත්වෙයි.

එම තරගය අද පස්වරු 7.30ට ආරම්භ වෙයි.

මෙම තරග පල්ලේකැලේ දී ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම තරග 5කට මුහුණ දී ඇති අතර ඉන් තරග 4ම ජයගෙන ප්‍රසාද ලකුණ සටහනේ පෙරමුණ ගෙන සිටී.

මේ අතර ජැෆ්නා කිංග්ස් තරග 5කට මුහුණ දී ඇති අතර එම කණ්ඩායමත් තරග 4ක් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ 2වන ස්ථානයේ පසුවෙයි.

කලම්බු ස්ටාර්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 4 වන ස්ථානයේ පසුවන අතර දඹුල්ල අවුරා ප්‍රසාද ලකුණු සටහනේ 5වන ස්ථානයේ පසුවෙයි.