Spread the love

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය කඩුලු 8 කින් ජය ගැනීමට Kolkata Knight Riders කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් Sunrisers Hyderabad කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 18 යි පන්දු 3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 113 ක් පමණයි.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Kolkata Knight Riders කණ්ඩායම පන්දුවර 10 යි පන්දු 4 ක් අවසානයේ සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී Kolkata Knight Riders කණ්ඩායම වෙනුවෙන් Venkatesh Iyer ලකුණු 52 ක් හා Rahmanullah Gurbaz ලකුණු 39 ක් ලබා ගත්තා.