Spread the love

ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ තරග තුනක් ශ්‍රී ලංකාවේදී පවත්වන ලෙස තමන් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටි බව ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

ඒ සඳහා ඉතාම සාධනීය ප්‍රතිචාරයක් ලබා දුන් බවද පැවසූහු එම උත්සාහය සාර්ථක වුවහොත් ශ්‍රී ලංකාව ගොඩේ ගොඩ බව ද සඳහන් කළේය.

ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වෙන කාලසීමාවේ දකුණු ඉන්දියාවේ මැතිවරණය පැවැත්වෙන බවත් පැවසූ ඔහු එනිසා මත්තල ප්‍රදේශය සම්පූර්ණයෙන්ම අයිපීඑල් කලාපයක් බවට පත්කර සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට උත්සාහ දරන බවද කියා සිටියේය.