Spread the love

නව ඇපල් IPhone 15 දුරකථනය අධිකව රත්වන බව පාරිභෝගිකයන් පැමිණිලි කරනවා. විටෙක එය අල්ලන බැරි තරම් රත්වන බව තමයි ඔවුන් කියන්නේ. මේ චෝදනාව ඇපල් සමාගමත් අනුමත කරලා තියනවා. ඔවුන් කියන්නේ iOS 17 මෙහෙයුම් පද්ධතියේ පවතින දෝශයක් වගේම සමහර Apps install කරන්න යෑමේදී තියන ගැටළුවක් හේතුවෙන් තමයි මෙහෙම ෆෝන් එක රත්වෙන්නේ කියලා.

ඔවුන් Instagram, Uber වගේ ඇප් වලට තමයි මේ චෝදනාව එල්ල කරන්නේ. කොහොම උනත් Instagram app එක මේ වෙනකොටත් තමන්ගේ අවුල විසඳලා ඉවරයි කියලා ඔවුන් කියනවා.

මේ අළුත් ෆෝන් එක මේ තරම් රත් වෙන්න හේතුව ඒකට අළුතින් හඳුන්වා දීපු ටයිටේනියම් ආවරණයවත් එහෙම නැත්තම් අළුත් Charging port එකවත් නෙමෙයි කියලා තමයි ඇපල් සමාගම නම් කියන්නේ. ඒ වගේම මේ රත්වීම නිසා මිනිස්සුන්ට අණතුරක් වීමේ අවධනමක් හෝ ෆෝන් එකේ දිගුකාලීන ක්‍රියාකාරිත්වයට බලපෑමක් නෑ කියලත් ඇපල් සමාගම කියනවා.