Spread the love

අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරීමේ සිද්ධියකට අදාළ සැකකරුවෙක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වංචනික ලෙස අන්තර්ජාලයේ මුදල් ආයෝජනය කරවන බවට දැනුම්දී මුදල් තැන්පත් කරවීමට පොළඹවා එම මුදල් පුද්ගලික බැංකු ගිණුමකට තැන්පත් කරවා ගෙන රුපියල් 1,680,000ක මුදලක් වංචනිකව ලබාගැනීම සම්බන්ධයෙන් මෙම සැකකරුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

අදාළ සැකකරු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර ඊයේ (16) සවස් කාලයේ දී මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි සිරිමල්ගොඩ, බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.