Spread the love

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග පවත්වන සාකච්චාවට සහභාගී නොවීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.

එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පැවසුවේ මේ සම්බන්ධයෙන් පක්ෂයේ මතය නිල වශයෙන් දැනුම් දෙනු ඇති බවයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ මුල්‍ය අරමුදලේ නියෝජිතයින් මෙරටට පැමිණි අවස්ථාවලදී ඔවුන් විපක්ෂ නායකවරයා හමුවී සාකච්ඡා කරන ලද බවයි.

එසේ නැතිව ආණ්ඩුවේ වැඩපිළිවෙලට සහාය පළ කරමින් කැඳවන සාකච්ඡාවට සහභාගී වීමේ අපේක්ෂාවක් නැති බවත් හෙතෙම පවසයි