Spread the love

ශ්‍රී ලංකාව සහ චීන එක්සිම් බැංකුව අතර ඇති කරගෙන තිබෙන එකඟතාවය ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා යහපත් ඉදිරි පියවරක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

සියලුම නිල ණයහිමියන්ගෙන් මූල්‍ය සහතික ලැබුණු පසු පළමු සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් බව එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී, පීටර් බ්රූවර් පැවසීය.

ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුටු වන බව ද ඒ මහතා සඳහන් කළා.