Spread the love

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මෙරට වැඩසටහන නිසි ලෙස ඉටුවන්නේදැයි සොයාබැලීමේ වගකීම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා වෙත පවරා ඇත.

මෙම තීරණයට එළැඹ ඇත්තේ මෙරට ප්‍රධානීන් හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකදීය.

දැනට සිදුකෙරෙමින් පවතින ප්‍රතිසංස්කරණ පිළිබඳ සෑහීමකට පත්වන බවත් පවසා ඇති එම කණ්ඩායම සිය දෙවන සමාලෝචනය මාර්තු මාසයේ සිදුකිරීමෙන් අනතුරුව තුන්වැනි වාරිකය නිදහස් කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන් කර තිබේ.