Spread the love

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත අමෙරිකානු ඩොලර් මිලියන 337ක දෙවන ණය වාරිකය සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා.

එම අරමුදල ශ්‍රී ලංකාව සමඟ එළෙඹ ඇති මාස 48ක විස්තීරණ අරමුදල් පහසුකමේ පළමු සමාලෝචනය ඊයේ රැස්වූ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් විය.

ශ්‍රී ලංකාව පෙන්නුම් කර ඇති ප්‍රගතිය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑහීමට පත්වන බවයි එම අරමුදලේ විධායක මණ්ඩලය පෙන්වා දී ඇත්තේ.