Spread the love

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය ගිවිසුම පිළිබදව පාර්ලිමේන්තු විවාදයේ තුන්වන සහ අවසන් දිනය අදයි. මේ අනුව අද පස්වරුවේ ඊට අදාළ ඡන්ද විමසීමට පැවැත්වීමට නියමිතයි.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිබද පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමට සහභාගි නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් යන මන්ත්‍රීවරුන් ඊයේ දින ප්‍රකාශ කළා.

මීට අමතරව වාසුදේව නානායක්කාර මහතා ද ඒ සදහා එකග නොවන බවටයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබදව පළමු වන විවාද දිනයේදී ප්‍රකාශ කළේ.