Spread the love

ඉදිරි ජාතික ජන බලවේග රජයක් යටතේද ජාත්‍යන්තර මුල්ලේ අරමුදල සමග වන ගිවිසුම ඉදිරියටම පවත්වාගෙන යන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

පුවත්පතක් සමග සාකච්ඡාවකදී හෙතෙම මෙසේ අදහසක් අදහස් පළ කර තිබේ.

‘වත්මන් ආණ්ඩුව අන්තර්ජාතික මුල්‍ය අරමුදල සමග සිව් වසරක ගිවිසුමක් ඇතිකරගෙන තිබෙනවා. ද්වි-පාර්ශවික ලෙස, බහු පාර්ශවික ලෙස සහ පෞද්ගලික ලෙස ණය දෙන පාර්ශවයන් වෙන වෙනම අපට සිටියා. දැන් මේ සියල්ල තියෙන්නේ IMF එක යටතේ.

ණය ප්‍රතිව්‍යුහගතකරණයත් එහෙමයි. ඒ නිසා එයින් එළියට එන්න හැකියාවක් තියෙනවාය කියා අප සිතන්නේ නැහැ.

අපි අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ ගිවිසුම සමග ඉදිරියට යනවා. හැබැයි, වෘත්තිකයන් මත පනවා තිබෙණ බදු ගැන අපි නැවත සිතා බැලිය යුතුයි. දෙවනුව, දිළිදු ජනතාවට ආහාර, ඖෂධ සහ අධ්‍යාපනය ලැබෙණ බව අපි තහවුරු කළ යුතුයි.

IMF එක අපත් සමග ගිවිසුම්ගත වෙලා ඉන්නේ රට වර්තමාන ආර්ථික අර්බුදයෙන් ගොඩට ගෙන ඒමට උදව්වක් හැටියට’