Spread the love

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් අස්සන් කිරීමෙන් පසු ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර ආයතන හරහා ශ්‍රී ලංකාවට මුල්‍යාධාර ලබා ගත හැකි බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සඳහන් කරයි.

ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නිවැරදි දිසාවට ගැනීමේ මූලික අඩිතාලම ඇරඹිය හැකි බවද හෙතෙම පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආර්ථිකය ගොඩගැනීම සඳහා නීති රෙගුලාසි හා ක්‍රමවේද සකස් කරමින් යන බව පැවසූ ඔහු ඒ හරහා දේශීය විදේශීය ආයෝජකයන්ට ශ්‍රී ලංකාව ගැන විස්වාසයක් ඇති කරනු ඇති බවද කියා සිටියේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගත වීමට පෙර තවත් කටයුතු කිහිපයක් නිම වීමට තිබෙන බවත් එම කාර්යයක් නිම වූ පසු ගිවිසුම් අත්සන් කළ හැකි යැයි පැවසූ ඔහු ඉන් අනතුරුව දේශීය ආර්ථිකයට සැලකිය යුතු මුල්‍ය ප‍්‍රවාහයක් එකතු වනු ඇති බවද පැවසීය.