Spread the love

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන ඇති ගිවිසුමේ කිසිවක් වෙනස් කර නැති බව කැබිනට් ප‍්‍රකාශක ඇමති විජිත හේරත් මහතා පවසයි.

එම ගිවිසුවේ වෙනස්කම් ඒක පාක්ෂිකව කළ නොහැකි බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

අදාල වෙනස් කිරීම් සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ නැවත සාකච්ඡා කිරීමට සිදුවන බව පැවසූ ඔහු ඉදිරියේදී ජනතාවට බර පැටවී ඇති කරුණු සංශෝධනය කරගන්න අපේක්ෂා කරන බවද ඇමැතිවරයා පැවසීය.

කොළඹදී මාධ්‍ය හමුවේ අදහස් පල කරමින් ඔහු මේ බව පැවසුවේය.