Spread the love

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් කාන්තා සමුළුව “ගැහැනු අපි එක මිටට මාලිමාවට” මැයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජාට්ජික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය මහ නගර සභා පුරහලේදී පැවත්විණ.

ජාතික ජන බලවේගය ඉදිරියට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු හා ජනාධිපති මැතිවරණය ඉලක්ක කර ගනිමින් දීප ව්‍යාප්තව සංවිධානය කරනු ලබන රැස්වීම් මාලාවට සමගාමීව මෙම කාන්තා සමුළුවද නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් සංවිධානය කර තිබිණ .

වැඩසටහන ආරම්භ කරමින් ජාතික ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් විධායක කමිටු සමාජිකාවන් හදුන්වා දීමෙන් අනතුරුව මෙහිදී ප්‍රධාන දේශනය සිදුකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජාතික ජන බලවේගයේ ජතික විධායක කමිටු සභික විජිත හේරත් මහතා අදහස් දක්වමින් කියා සිටියේ බොරු පොරුන්දු දීලා ලාබ තහඩු ලබා දී සිදු කරන දේශපාලන සංස්කෘතිය නැවත්වීමට කාලය උදා වී ඇති බවයි ,

ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරකම් අනුක්‍රමය කරමින් දේශපාලන පක්ශ වැඩසටහන් සංවිධානය කලද ඒවා හරිහැටි කරගැනීමට නොහැකිව සිටිනවා ,

අය්.එම්.එෆ් .ඉවර වෙනකල් මැතිවරණ පවත්වන්න බෑ කියලා ජනාධිපතිවරයා කියනවා ඒ බල තන්හාවට ,

හැම තැනකින්ම නය අරං රට පාලනය කල පාලකයන් රට බංකලොත් කරලා තියෙන්නේ ,

එදා අපිට ඕන නිෂ්පාදන විශාල ප්‍රමාණයක් අපිම නිෂ්පාදනය කර ගත්තා ඒත් මේ හැමදේම පිට රටින් ගෙන්නන්න වෙලා තියෙන එකෙන් තමා ‍රටේ ආර්ථිකය වල පල්ලට වැටිලා තියෙන්නේ ,

රටේ ඉදිකට්ටේ ඉදන් ඇදුම් පැලදුම් දක්වාම මේඩින් චයිනා ,

සභාව අමතමින් ජාතික ජන බලවේගයේ කාන්තා නියෝජිතවරියන් අදහස් දක්වමින් කියා සිටියේ වසර හැත්තෑවක කාලයක් පුරාවට පැවටි රජයන්ගෙන් මගින් කාන්තාවන්ට හා ළමුන්ට හිමිවිය යුතු වරදාන වරප්‍රසාද සියල්ල කප්පාදු කරමින් අහිමි කිරීම තුලින් කාන්තාවන් පීඩාවට පත්වීන නවතා කාන්තාවන්ට සංවර්ධන අභිවෘද්ධිය හා සංවර්ධනය හිමිවන අනාගත දේශපාලන පසුබිමක් නිර්මාණය කිරීනට කැපවීමෙන් කටයුතු කිරීම සෑම කාන්තාවකගේම වගකීම බවයි .