Spread the love

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය මුදල පිළිබඳව ඇති කරගත් එකඟතා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාව හෙට( 20 ) රාත්‍රීයේ රැස්වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළා.

ඒ, අනුව එදිනම රාත්‍රියේ ඒ පිළිබඳව නිල තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට අද එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදී තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසූයේ එම එකඟතාවයන් පිළිබඳව වෙබ් අඩවියේ පල කළ වහාම ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් සියලු වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

මේ අතර පෞද්ගලික විශ්වවිද්‍යාලවලට යන සිසුන්ට රජයෙන් පොලී රහිත ණය මුදලක් ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මහතා පවසනවා .

ඔහු සදහන් කලේ ඒ සමබන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ච්වක්ද පවතී බවයි .