Spread the love

රට හෝ රජය බලාපො​රොත්තු වූ ලෙ​ස ඉක්මනින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය නොලැබෙන බව ආර්ථික අර්බුද සමනය කිරීමේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේගොඩ පවසයි.

එම ණය වාරිකය ලබා ගැනීමට නම් රජයට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නව කොන්දේසි යටතේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට යාමට සිදුවන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

රජය විසින් 2024 වර්ෂය සඳහා අයවැය දෙසැම්බර් 13 වනදා අනුමත කිරීමෙන් පසු එම දෙවන ණය වාරිකය ලැබීම බලාපොරොත්තු විය හැකි බවත් ඊට පෙර ඒ පිළිබඳව බලාපොරොත්තු තබාගත නොහැකි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේගොඩ වැඩිදුරටත් සඳහන් කළේ.