Spread the love

වසර 23කට පසු ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ජාත්‍යන්තර ක්‍රිකට් තහනමත් සමග අහිමි වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

එම තරගාවලියට පෙරාතුව ලෝකයේ රටවල් අටකින් පුහුණු තරඟ වලට සහභාගී වීම සඳහා ලංකාවට පැමිණෙන බවද ඔහු පැවසීය.

ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් හරහා ඩොලර් බිලියන ගණනක මෙම ආදායම ලංකාවට අහිමි වනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.

තමන් එදා සිටම ක්‍රිකට් අතුරු කමිටු වලට විරුද්ධ බවද පැවසූ මන්ත්‍රීවරයා අතුරු කමිටුවල පෙර අත්දැකීම නම් බිලියන ගණන් ණය වූ ක්‍රිකට් ආයතනයක් බිහිවීම බවද හෙතෙම තවදුරටත් පැවසීය.