Spread the love


නිමල් රාජපක්ෂ-

“Happy Estate” හෙවත් “සතුටු වතු” වැඩසටහනේ ආරම්භය අද (12) කෑගල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් අද කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භවිය.
මෙම වැඩසටහන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පූර්ණ මැදිහත්වීමෙන් සංවිධානය කෙරේ. මෙහිදී වතු ජනතාවගේ සෞඛ්‍ය ගැටළු හදුනාගෙන කායික, මානසික, සාමාජීය, අධ්‍යාත්මික සෞඛ්‍ය ආරක්ෂණය හා ප්‍රවර්ධනය ඉහළ නංවමින් ඔවුන්ගේ දැනුම, ආකල්ප, කුසලතා වර්ධනය කර නීරෝගීමත් ජනතාවක් ලෙස බලගැන්වීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.
අද දින කෑගල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කෙරුණේ එම “සතුටු වතු” වැඩසටහනේ සංකල්ප ක්‍රියාත්මක කිරීමට අදාල පළමු අදියරයි. දිවයින පුරා වතු 460 ක් පමණ වන අතර, මෙම වැඩසටහනේ පළමු අදියර සදහා වතු 45 ක් තෝරාගෙන ඇති අතර, ඉන් වතු 07 ක්ම පිහිටා ඇත්තේ කෑගල්ල දිස්ත්‍රික්කයේය. මෙරට පළාත් 05 ක, දිස්ත්‍රික්ක 11 ක මුළු ජනගහනයෙන් සියයට 05 ක පමණ ජනගහනයක් එනම් මිලියනයක පමණ ජනගහනයක් වතු ආශ්‍රිතව ජීවත් වේ.

අද දින ආරම්භ කළ මෙම නව වැඩසටහනට අනුව මාස 06 ක් ඇතුලත සියළු වතුවල පවතින තත්ත්වයේ වෙනසක් දැකිය හැකි වනු ඇති බවයි. නියමු ව්‍යාපෘතිය යටතේ මෙම වසර් වතු 45 ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් පැවසුවේය.
ලබන වසරේ 400 ක් පමණ වන සියළු වතු ආශ්‍රිතව මෙම වැඩසටහන ක්‍රියාත්මක විය යුතුවෙයි. වතු සෞඛ්‍ය ද අනෙකුත් සෞඛ්‍ය පද්ධති මට්ටමට ගෙන ආ යුතු බව ද මෙම පරිවර්ථනය අපි කළ යුතුම දෙයක් බව ද පැවසීය.
වතු ක්ෂේත්‍රයේ වැඩිපුරම මුඛ පිළිකා වාර්තා වන බවත්, ආසියානු කළාපයේ වැඩියෙන්ම වැඩිහිටි ජනගහනය වැඩි වන රට ශ්‍රී ලංකාව බවත් ඊට හේතුව හොද සෞඛ්‍ය සේවාවක් පැවැතීම බව ද සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසුවේය.