Spread the love

ශ්‍රී ලංකාව ඉදිරියේ දී දේශගුණික මූල්‍යයන ක්‍රම වෙත යොමු වීමට සැලසුම් කර ඇති බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසයි.

අද (28) දින පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව කියා සිටියේය.

මාලදිවයින, මුරුසිය, මැඩගස්කරය වැනි දූපත් රාජ්‍යයන් සමඟ එක්ව ඒ වෙනුවෙන් හඬ නගන බවත්, ඉදිරියේ දී ඒ හරහා ශ්‍රී ලංකාවට යම් විදේශ විනිමයක් ලබා ගත හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී පැවසීය.

“අපි විදේශ අමාත්‍යාංශය හරහා Climate Financing වලට යන්න අපි බලාපොරොත්තු වෙනවා. දැන් කාලගුණ විපර්යාස දිහා බැලුවොත්, විශේෂයෙන්ම ඉන්දියන් සාගරයේ තිබෙන අනෙක් කුඩා දූපත් එක්ක අපි එක්කහු වෙලා, යම්කිසි විදියකට අපි ලෝකයාට අපේ හඬ අවදි කරන්න අපි බලාපොරොත්තු වෙනවා. සමහර වෙලාවට ලංකාව වගේ කුඩා රටක් විතරක් අපි කතා කළොත් අපේ හඬ ඇහෙන්නේ නැහැ. නමුත් මාලදිවයින, මොරිෂස්, මැඩගස්කාර් එවැනි රටවල් එක්ක අපි එකතු වුණොත් එහෙම ඒ හඬ අවදි කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඉදිරියේ දී Climate Financing පැත්තෙනුත් අපි යම්කිසි මුදල් ප්‍රමාණයක් රට වෙනුවෙන් හොයාගන්න කටයුතු කරනවා.“