Clean Sri Lanka වැඩසටහන සාර්ථක කරගත හැකි වන්නේ පොදු ජනතාවගේ සක්‍රීය දායකත්වයෙන් පමණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
මෙම උදා වූ අලුත් වසරත් සමඟ අපේ රට නව අලුත් පරිවර්තනයකට ලක් කිරීමට ස්ථිර අධිෂ්ඨානයක් තිබෙන බවයි Clean Sri Lanka වැඩසටහන ආරම්භ කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (01) පැවති උත්සවයට එක් වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.
Clean Sri Lanka ව්‍යාපෘතිය යනු පරිසර පද්ධතිය පිරිසිදු කිරීම පමණක් නොව සමස්ත ගරා වැටුණු, දිරාපත් වුණු සමාජය සහ අසරණභාවයට පත් වූ මාතෘ භූමිය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා සෑම අංශයක් විසින්ම සිදුකරනු ලබන පිරිසිදුභාවයක් බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ