Spread the love

පොලිස්පති ධුරය සම්බන්ධයෙන් මතුව ඇති තත්වය මේ වන විට දේශපාලන අභ්‍යන්තරයද උණුසුම් කර ඇති බව වාර්තා වෙයි.

මීළඟ පොලිස්පතිවරයා ලෙස ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් පිලිබද සලකා බැලෙමින් ඇතැයිද සදහන්ය.

මෙම තත්වය මත පොලිසිය අභ්‍යන්තරයේද උණුසුම් තත්වයක් නිර්මාණය වී ඇති අතර පොලිස්පති ධුරය අපේක්ෂාවෙන් සිටින සමහරුන් දේවාල ඇතුළු ආගමික ස්ථාන වල පුද පූජා පවත්වමින් සිටින බවද පැවසෙයි.

සීඩී වික්‍රමරත්න මහතාගේ තුන් වන සේවා දිගුව නිමාවෙන් පසු නැවතත් ඔහුට සේවා දිගුවක් ලබා නොදීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව මෙම මස අවසානය වනවිට නව පොලිස්පතිවරයකු පත් කිරීමට නියමිතය.