ගුවන් යානයක් වාරියපොලට කඩා වැටේ…
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් මීට ටික වේලාවකට පෙර වාරියපොල ප්‍රදේශයට කඩා වැටී තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසන්නේ චීන K-8 පුහුණු ජෙට් යානයක් මෙසේ අනතුරට පත්ව ඇති බවයි.
අනතුරට ලක්වීමට පෙර ගුවන් නියමුවා සහ සහය නියමුවා ගුවන් යානයෙන් ඉවතට විසි වී ඇත.
එම නියමුවන් දෙදෙනා පැරෂුට් මගින් ආරක්ෂිතව ගොඩබා ඇත.