Spread the love

04 වන දින දඹුල්ල පොලිස් වසමේ දඹුල්ල නගරයේදී කුලී රථ රියදුරෙකුට පහර දී මුදල් හා දේපල කොල්ලකෑම සම්බන්ධයෙන් දඹුල්ල පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන සිදු කර 2025.01.05 වන දින මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හය දෙනෙකු දඹුල්ල පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 41 ත් 55ත් අතර වයස් වල පසුවන දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

පුද්ගලික කුලී රථ සේවා සපයන ආයතනයකින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ලබා දුන් ගමන් වාරයක් අනුව, කටුනායක ගුවන්තොටුලපල වෙත විදේශිකයෙකු රැගෙන යාම සඳහා මෙම රියදුරු දඹුල්ල නගරය වෙත පැමිණ ඇති අතර විදේශිකයා කාර් රථයට නංවා ගැනීමෙන් පසු දඹුල්ල නගරයේ හයර් ලබා නොගන්නා ලෙසට සැකකරුවන් විසින් එම රියදුරුට ර්තජනය කරමින් පහරදී ඔහු සන්තකයේ තිබූ රුපියල් 87,000 ක මුදලක් හා රුපියල් 15,000 ක් වටිනා උපැස් යුවලක් කොල්ලකා ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත.

සැකකරුවන් 2025.01.06 වන දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2025.01.08 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.