ශ්‍රී දළදා වන්දනාව සිදුකරන මහනුවර දළදා මාළිගාව සහ ඒ අවට ප්‍රදේශයන්හි ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ ධජ, පතාක අව ප්‍රදර්ශනයට අවසර දෙන්නැයි ඉල්ලීමක් කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාවෙන් මෙම ඉල්ලීම කර ඇත්තේ පලාත් පාලන කොමසාරිස්වරයා විසිනි.
නමුත් මැතිවරණ කොමිසම විසින් ලිඛිතව දැනුම් දී ඇත්තේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ අදාළ වැඩකටයුතු එම ප්‍රදේශයන්ගේ සිදුකිරීමට කිසිදු බාධාවක් නැතත් එහි ධජ, පතාක ප්‍රදර්ශනය කිරීමට අවසර ලබාදිය නොහැකි බවය.
මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දී ඇත්තේ ඒ හරහා කිසියම් දේශපාලන ප්‍රවර්ධනයක් සිදුවිය හැකි බවත් ඉන් මැතිවරණයට අහිතකර තත්ත්වයක් ඇති විය හැකි බවත්ය.