පිල්ලෙයාන් සහ කරුණා අම්මාන් සිදුකර ඇති වැරැද්ද වන්නේ LTTE සංවිධානය අතහැර දැමීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
ඒ අනුව පිල්ලෙයාන් LTTE සංවිධානයේම සිටියේ නම්, ඔහුට වෙනත් රටක පුරවැසිභාවය ද ලැබී, එම රට විසින් ඔහුව ජාතික සම්පතක් ලෙස රැකබලා ගැනීමට කටයුතු කරනු ඇති බවයි ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
මේ වන විට සිදුව ඇත්තේ LTTE සංවිධානය අතහැර, මෙරටට නිදහස ලබා ගැනීම වෙනුවෙන් සටන් කරන ලද රණවිරුවන් සහ ත්‍රස්තවාදය අතහැර ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පැමිණ, මැතිවරණවලට ඉදිරිපත් වූ නායකයින් යුද අපරාධ අධිකරණයට ගෙන යාමට තැත් කිරීම බවත්, එසේ නොමැති නම්, ලංකා ආණ්ඩුව විසින් හෝ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන තැනට පැමිණ ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.