Spread the love

මතුගම, දොලහේන ප්‍රදේශයේ දී ඊයේ (18) දහවල් ප්‍රේම සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් තරුණියක ගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි මතුගම පොලීසිය පවසයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 33ක් වූ මර්වින් සමරනායක මාවත, අඟලවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි.

දැනටමත් සැකකරු හදුනාගෙන ඇති අතර ඔහු ප්‍රදේශයෙන් පලාගොස් ඇත.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මතුගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.