Spread the love

වැඩබලන පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පොලිසිය සිදුකරගෙන යනු ලබන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාලව කිරුළපන පොලිස් වසමේ තුන්මෝදර හන්දිය අසලදී, ත්‍රිරෝද රථයක් පරීක්ෂා කර එහි සිටි සැකකටයුතු ලෙස හැසිරුණු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන කිරුළපන පොලිස් ස්ථානයට ඉදිරිපත් කර විර්මශනයක් ආරම්භ කරන ලදී.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 49 හා 39 වයස් වල පසුවන සිද්ධාර්ථ පාර, කිරුළපන ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

මොවුන් සන්තකයේ තිබි රුපියල් 5,745,000/- ක මුදලක් සොයා ගෙන ඇත. එක් පුද්ගලයෙකු ප්‍රදේශයේ ගෑස් වෙළෙඳසැලක් පවත්වාගෙන යන අතර මොහු නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටින පුද්ගලයෙකු බවටද සිදුකරන ලද විමර්ශන අනුව අනාවරණය වී ඇත.

එක් සැකකරුවෙකු මුදල් විශුද්ධිකරණය කිරීම සම්බන්ධයෙන් හා අනෙක් සැකකරු මුදල් විශුද්ධිකරණයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මුදල් නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ගන්නා ලද මුදල්ද එසේ නොමැති නම් එම වෙළෙඳසැල පවත්වාගෙන යාමෙන් උපයාගන්නා ලද මුදල්ද යන්න සම්බන්ධව තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා කිරුළපන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.