Spread the love

නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා විසින් සිදු කරන ලද පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

තමන් සම්බන්ධයෙන් අසත්‍යය සටහන් සමාජ ජාලා සහ වෙබ් අඩවි ඔස්සේ පළ කරන බවට අමාත්‍යවරයා වෙනුවෙන් ඔහුගේ මාධ්‍ය ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙම පැමිණිල්ල ගොනුකර ඇත.

ඒ හරහා නියෝජ්‍ය ඇමතිවරයාගේ කීර්ති නාමයට හානියක් සිදුවන්නේ යැයි මෙම පැමිණිල්ලෙන් කියා තිබින.

එසේ අසත්‍ය සටහන් සහිත පුවත් ගණනාවක්ද ඒ සමගම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇත.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.