සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව ඇතුළු අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලය කොළඹ දී සිදුකරන උද්ඝෝෂණය සහ පාගමන සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයට තොරතුරු වාර්තා කර තිබෙනවා.
ඒ අනුව අද (27) පස්වරු 2:30 සිට හෙට (28) පස්වරු 6.00 දක්වා කාලයේදී මරදාන පොලිස් වසමේ රෝහල් චතුරශ්‍රය, සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළුවීම හා ඒ අවට පිහිටා ඇති රෝහල්වලට බාධාවන පරිදි ඩීන්ස් පාර, ද සේරම් පාර, රීජන්ට් වීදීය හා ජාතික රෝහල් චතුරශ්‍රය අවට ඇති මහා මාර්ගය, පදික වේදිකා අවහිර කරමින් සිදු කරන උද්ඝෝෂණ, පෙළපාලි හා සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට රැඳී සිටීම තහනම් කරමින් ආඥාවක් නිකුත් කර තිබෙනවා.
එම්.එන්.එම්. නුස්රි (සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව සම කැඳවුම්කරු), එන්.ඩී. හේවාවිතාරණ (සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව ලේකම්) චින්තක ප්‍රසාද් (සම සෞඛ්‍ය විද්‍යා පීඨ නියෝජනය කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති), මධුෂාන් චන්ද්‍රජිත් (අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු) ඇතුළු සාමාජිකයින්ට මෙම ආඥාව නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.