නිමල් රාජපක්ෂ
සිවිල් ගුවන් සේවා අනතුරුවලට ගොදුරුවූ තැනැත්තන් හා ඔවුන්ගේ සමීපතමයන් අනුස්මරණය කිරීමේ ජාත්‍යන්තර දිනය බවට ප්‍රකාශයට පෙබරවාරි මස 20 දින ප්‍රකාශයට කැබිනට් පත්‍රිකාවක් මගින් පත් කලද මෙවර එම දිනය සැමරීමට අමතක වුවද ඉදිරියේදී එම දිනය සැමරීමට රජයේ අවධානය යොමු වනු ඇතැයි විශ්‍රාමික සිවිල් ගුවන් සේවා අධ්යක්ෂ ජනරාල් හා ප්‍රධාන විධායක නිලධාරී පී .ඒ . ජයකාන්ත මහතා පවසසි.
ශ්‍රී ලංකාව චිකාගෝ සම්මුතියට අත්සන් තබා වසර 77ක් සපිරෙන මෙම වසර වන විට ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා ක්ෂේත්රය සුවිශේෂී ජයග්‍රහණ රාශියක් අත්පත් කරගෙන තිබේ. ඉහත සම්මුතියට අනුව පිහිටුවා ගත් ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය ( International Civil Aviation Organization-ICAO) ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවාවේ නිරුපද්‍රිතතාවය හා ආරක්ෂාව වෙනුවෙන් ප්‍රකාශයට පත් කරන ප්රමිතීන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවට කලාපිය හා ගෝලීය වශයෙන් අත්වන්නේ සුවිශේෂී ස්ථානයකි.
2022 වසරේදී ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය විසින් සෑම වසරකම පෙබරවාරි 20 වන දින සිවිල් ගුවන් සේවා අනතුරුවලට ගොදුරුවූ තැනැත්තන් හා ඔවුන්ගේ සමීපතමයන් අනුස්මරණය කිරීමේ ජාත්‍යන්තර දිනය බවට ප්‍රකාශයට පත් කරන ලදී.
මෙවැනි අනුස්මරණ දිනයක් ප්‍රකාශයට පත් කිරීම හරහා යම් පුද්ගලයකු, කණ්ඩායමක් හෝ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සිවිල් ගුවන් සේවා අනතුරු හේතුවෙන් විපතට පත්වී සිටීනම් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට, පහසුකම් සැපයීම හා මානසික මට්ටම ඉහල නැංවීම වෙනුවෙන් කටයුතු කිරීම මෙමගින් අපේක්ෂා කෙරේ.
එම දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඒ පිළිබඳව අවශ්‍ය නීති රෙගුලාසි හඳුන්වාදීමත්, ගුවන් යානා අනතුරු හේතුවන් ජිවිත අහිමිවූ හෝ එමගින් වින්දිතයන් බවට පත්වූ ශ්‍රී ලාංකිකයන් පිළිබඳව තොරතුරු ඒකරාශී කිරීමටත්, එවැනි පුද්ගලයන් වෙනුවෙන් අනුස්මරණ කටයුතු කලයුතු ආකාරය පිළිබඳව මුලික සාකච්චාවන් සිවිල් ගුවන් සේවා අධිකාරියේදී පැවැත්විණි.
එහි පළමු පියවර ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරිය හා ගුවන් සේවා අමාත්‍යාංශය විසින් ” සෑම වසරකම පෙබරවාරි 20 වනදා” ගුවන් යානා අනතුරු වලට ගොදුරුවූ තැනැත්තන් හා ඔවුන්ගේ පවුල් අනුස්මරණ ජාත්‍යන්තර දිනය, ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් මගින් රාජ්‍ය අනුග්‍රහය ලබාගන්නා ලදී.
කෙසේවෙතත් මෙම වසරේ මෙම දිනය අනුස්මරණය කිරීම අතපසු උවත් මේ සඳහා වූ ඉදිරි කටයුතු ලෙස සිවිල් ගුවන් සේවා අනතුරු වලට ගොදුරුවූ ශ්‍රී ලාංකිකයින් හා ඔවුන්ගේ වින්දිතයන් පිලිබඳ තොරතුරු ඒකරාශී කිරීමටත්, අවශ්‍ය නීති රෙගුලාසි සම්පාදනය කිරීමටත්, ඔවුන් අනුස්මරණය කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහාත් අදාල ආයතන වල හා රජයේ අවධානය යොමු වේවායි ද ජී.ඒ .ජයකාන්ත මහතා වැඩි දුරටත් පැවසුවේය.