නිමල් රාජපක්ෂ-
ගැමා ප්‍රවිකිරණ තාක්ෂණය මගින් ශල්‍ය අත්වැසුම් සහ වෛද්‍ය උපකරණ ආදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ භාවිතා කරන බොහොමයක් දෑ ජීවානුහරණය කල හැකි බවත්, කුළුබඩු, ශාඛමය නිෂ්පාදන, ඖෂධීය තේ ආදී ආහාරමය ද්‍රව්‍යවල කල්තබාගැනීමේ හැකියාව වර්ධනය කල හැකි බවත් අනෙකුත් විවිධ නිෂ්පාදන වල පවතින අහිතකර බැක්ටීරියාවන් විනාශකළ හැකි බවත් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපතිණි ආචාර්ය තුෂාරා රත්නායක මහත්මිය පැවසුවාය.

මෙම සියළු නිෂ්පාදන දැනටමත් දේශීය හා විදේශීය වෙළදපල ඉලක්ක කරමින්, රජය සතු එකම බහුකාර්ය ගැමා ප්‍රවිකිරණ මධ්‍යස්ථානය වන ශ්‍රී ලංකා ගැමා මධ්‍යස්ථානය මගින් සිදුකරන බවත් එතුමිය තවදුරටත් පැවසුවාය. වසර 2014 දී බියගම ආයෝජන ප්‍රවර්ධන කලාපය තුළ මෙම මධ්‍යස්ථානය පිහිටුවීමෙන් පසු රජයේ රෝහල්වලට අවශ්‍ය සියලුම ශල්‍ය අත්වැසුම් ජීවානුහරණය කිරීම මෙම මධ්‍යස්ථානය මගින් සිදුකරන බැවින් විදේශ විනිමය සැලකිය යුතු ලෙස රටට ඉතිරිකරගැනීමට මෙම සේවාව සමත්ව ඇතිබව ඇය අවධාරණය කළාය.

ගැමා කිරණ වලට යම් ද්‍රව්‍යයක් නිරාවරණය කිරීමෙන් එම ද්‍රව්‍ය හරහා ගැමා කිරණ ගමන් කිරීමේදී එහි තුල ඇති සියළුම ජීවී කොටස් විනාශ වීම සිදුවේ. මෙහි විශේෂත්වය වන්නේ පාරිභෝගිකයා වෙත ලබාදෙන අවසාන ඇසිරුම සහිතවම අදාළ භාණ්ඩ සහ ද්‍රව්‍ය ගැමා ප්‍රවිකිරණයට ලක් කිරීමයි. එහිදී එම ද්‍රව්‍ය හෝ භාණ්ඩ පරිභෝගිකයා වෙත ලැබෙනතෙක් වන අතරමැදි ක්‍රියාවලියන්හිදී කිසිම අහිතකර ද්‍රව්‍යක් සමඟ මුසුවීමක් හෝ එමගින් අපවිත්‍රවීමක් සිදු නොවේ. තවද රසායන ද්‍රව්‍ය භාවිතයක් මෙහිදී සිදුනොවන බැවින් සෞඛය ආරක්‍ෂිත සහ පරිසර හිතකාමී ලෙස මෙම ක්‍රියාවලිය සිදුවේ.
විශේෂයෙන් අපනයන ද්‍රව්‍ය හා භාණ්ඩ ජිවානුහරණයට ලක්කිරීම, කල්පැවැත්ම වැඩිදියුණුකිරීම සහ ගුණාත්මකබව සුරැකීම යන කරණා හේතුවෙන් ඒවාට විදේශ වෙළඳපොළේදී වැඩි වටිනාකමක් ලබාගත හැකි හෙයින්, විවිධ ක්ෂේත්‍රවල නිෂ්පාදන සහ අපනයන සමාගම්වලට ශ්‍රී ලංකා ගැමා මධ්‍යස්ථානය සමඟ අත්වැල් බැඳ, රටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය වර්ධනය කිරීම සඳහා දායක වීමට ආරාධනා කරන බව ආචාර්ය තුෂාරා රත්නායක මහත්මිය පැවසුවාය
වීඩියෝව නරඹන්න,
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න