Spread the love

කොරි­යානු රටට යවන බව පවසා රුපි­යල් ලක්ෂ 30ක මුද­ලක් වංචා කළ බවට චෝදනා එල්ල වී සිටින රංග­න­වේ­දිනි දමිතා අබේ­රත්න සහ ඇයගේ සැමියා සෑම මස­කම අව­සාන ඉරු දින පෙර­වරු 9-12 අතර අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­ග­ණක අප­රාධ අංශයේ පෙනී සිටින ලෙස පනවා තිබූ කොන්දේ­සිය ඉවත් කරන ලෙස කොටුව මහේ­ස්ත්‍රාත් නිලු­පුලී ලංකා­පුර මෙණෙ­විය නියෝග කළාය.

ඇය වෙනු­වෙන් පෙනී සිටි නීතිඥ හරිත් හෙට්ටි­ආ­රච්චි සහ තරිදු වික්‍ර­ම­නා­යක යන නීති­ඥ­ව­රුන් සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේ­ස්ත්‍රා­ත්ව­රිය මෙම නියෝ­ගය සිදු කරනු ලබු­වාය.

නඩුව නීති­පති උප­දෙස් සඳහා ලබන සැප්තැ­ම්බර් මස 23 වැනිදා කැඳ­වන ලෙස ද මහේ­ස්ත්‍රා­ත්ව­රිය නියෝග කළාය.

එමෙන්ම සැක­ක­රු­වන් දෙදෙ­නාට එරෙ­හිව පනවා ඇති විදේශ ගමන් තහ­නම ඉවත් කරන ලෙස කළ ඉල්ලීම සලකා බැලූ මහේ­ස්ත්‍රා­ත්ව­රිය ඊට අව­සර ලබා දුන්නේය. ඒ බව ආග­මන විග­මන දෙපා­ර්ත­මේ­න්තුව වෙත දන්වා යවන ලෙසට නියෝග කළ අතර ඉදිරි දින අධි­ක­ර­ණයේ පෙනී සිටින ලෙස සැක­ක­රු­වන්ට අව­වාද කළාය.

මෙම නඩුවේ ගනු­දෙ­නු­වට අදාළ බව පැව­සෙන ප්‍රශ්න ගත වාහ­නය ලියා­ප­දිංචි අයි­ති­ක­රුට මුදා හරින ලෙස කළ ඉල්ලීම සම්බ­න්ධ­යෙන් නියෝ­ගය ප්‍රකාශ කර­මින් එම වාහ­නය නඩු භාණ්ඩ­යක් හෝ අප­රා­ධ­යක් සම්බන්ධ භාණ්ඩ­යක් බවට අධි­ක­ර­ණය හමුවේ කරුණු දක්වා නැති බවට පූර්ව­ගාමී මහේ­ස්ත්‍රා­ත්ව­රිය තීන්දුව ලබා දෙමින් දන්වා ඇති බවත් එම වාහ­නය සම්බ­න්ධ­යෙන් තීන්දු­වක් ලබා­දී­මට අධි­ක­ර­ණ­යට හැකි­යා­වක් නැති බවත් තීන්දුව ප්‍රකා­ශ­යට පත් කර­මින් මහේ­ස්ත්‍රාත් වරිය දන්වා සිටි­යාය.

නඩුව විවෘත අධි­ක­ර­ණ­යේදී කැඳවූ අව­ස්ථා­වේදී ඇප මත මුදා හැර ඇති ප්‍රවීණ රංග­න­වේ­දිනි දමිතා අබේ­රත්න සහ ඇයගේ සැමියා අධි­ක­ර­ණයේ පෙනී සිටි­යේය.