Spread the love

අඩු මිලට මත්පැන් බෝතලයක් හඳුන්වාදීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව සිදුකරගෙන ගිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොවන තත්ත්වයට පත්වෙමින් තිබේ.

නීතිවිරෝධී මත්පැන් අධෛර්යවත් කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මද්‍යසාර සැර ප්‍රමාණය අඩුකර නව මත්පැන් බෝතලයක් (කාල – මිලිලීටර් 180) හඳුන්වාදීම සඳහා සාකච්ඡා කරමින් පැවති අතර සමාජයේ විවිධ පාර්ශ්වයන්ගෙන් එයට එරෙහිව විරෝධතා එල්ලවීම නිසා එම ව්‍යාපෘතිය අඩපණ වී ඇත.

විකල්ප මත්පැන් බෝතලයක් අඩු මිලට හඳුන්වා දීමට යෑම නිසා රජයට දැැනට ලැබෙන බදු ආදායම අඩුවීම, දැනටමත් වෙළෙඳපොළේ රුපියල් 550 – 600 වැනි මිලට නිෂ්පාදන ආයතනවල නිෂ්පාදිත (මිලිලීටර් 180) මත්පැන් වෙළෙඳපොළේ පැවතීම, අඩු මිලට හඳුන්වා දීමට නියමිත මත්පැන් අපේක්‍ෂිත ප්‍රදේශවල (අඩු ආදායම්ලාභී) මිලදී ගැනීමට මත්පැන්හල් හිඟවීම ඇතුළු ගැටලු රැසක් පවතින බවට සුරාබදු දෙපාර්තමේන්තු අභ්‍යන්තරයේම පවතින මත නිසා මෙම ව්‍යාපෘතිය දින නියමයක් නැතිව කල් ගොස් ඇත.

නව වසරේ අප්‍රේල් පෙර මෙම බෝතලය හඳුන්වා දීමට සුරාබදු දෙපාර්තමේන්තුව අදහස් කරගෙන සිටියද පසුගියදා ජනාධිපතිවරයා සහ සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් අතර පැවති සාකච්ඡාවේදී ද මෙම ව්‍යාපෘතියට ජනාධිපතිවරයාද එතරම් ප්‍රසාදයක් දක්වා නොමැති බවට වාර්තා විය.