Spread the love

රට පුරා රෝගීන් රැසකගේ දෑස් අන්ධභාවයට හේතු වූ ආන්දෝලනාත්මක ෙප්‍රඩ්නිසිලෝන්
අක්ෂි දියරය (Prednisolone eye drop) මෙරටට ගෙන්වනු ලැබූ සමාගම මේ දක්වා අසාදු ලේඛනගතකිරීමට ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කර නැතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය හෙළි කරයි.

පසුගිය කාල සමයේදී බාල ඖෂධ සහ වැඩි මිලට ඖෂධ ගෙන්වන ලද සමාගම් අසාදු ලේඛනගත කරන ලෙසට සිය සන්ධානය අවස්ථා ගණනාවකදී බලධාරීන්ගෙන් ඉල්ලා සිටිය නමුත්, වත්මන් සෞඛ්‍ය පරිපාලකයන් දූෂිත හිටපු නිලධාරීන් සහ සමාගම් ආරක්ෂා කරමින් කටයුතු කරන බවට ද එම සන්ධානය චෝදනා කරයි.

පසුගියදා පැවැති කෝප් කමිටුවේදී තමන් විසින් සඳහන් කළ ඉහත කරුණු සත්‍ය බව අනාවරණය වූ බවත් වත්මන් සෞඛ්‍ය අමාත්‍යාංශ හා ඖෂධ නියා මග අධිකාරියේ පරිපාලකයන් යටතේ සෞඛ්‍ය පද්ධතියේ ගියාමනය සහ සැපැයුම් නිසි තත්ත්වයට පත්ව නැති බවත් එම සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.