Spread the love

පසුගිය මැතිවරණයේදී ජනතාව රවටා ඡන්ද ලබා ගැනීමට එරෙහිව ජනතාව මෙවර පළාත් පාලන මැතිවරණයේදී පිළිතුරු ලබාදීමට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසයි.

උගන්ඩාවේ තිබුණා යැයි කියන මුදල් පිළිබඳවත්, රටින් අයථා ලෙස ඩොලර් පිට කළ බවටත් ඔවුන් කරන ලද චෝදනා අසත්‍ය බව දිනෙන් දින ඔප්පුවෙමින් පවතින බවයි අද (10) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මහා පරිමාන හොරකම් කරන ලද අය අත්අඩංගුවට ගන්නා ලෙසත්, උගන්ඩාවේ හෝ ඩුබායිවල මුදල් ඇත්නම් ගෙනැවිත් ජනතාවට සහන සලසන ලෙසත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවස අල්ලාගෙන දැඟලීමෙන් වළකින ලෙසටත් රජයෙන් ඉල්ලා සිටින බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.